Email

මේ සතියෙදී රුපියල් බිලියන 11.75ක් සල්ලි අච්චු ගහලා!

මේ සතිය තුළ පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 11.75 ක මුදලක් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 224.12ක් බව පැවසේ.



මේකෙන් අපිට ලොකු අහිතකර තත්ත්වයක් නැහැ - මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.න්නදලාල් වීරසිංහ මහතා පවසන්නේ ඕනෑම මහ බැංකුවක මූලික වගකීම වන්නේ ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගෙන යාම බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටී.

"අපි රජයේ සුරකුම්පත් මිලදීගෙන තිබෙනවා. අපේ සංචිත අඩුවෙමින් පැවතුණා. එය වෙළඳ පොළේ ද්‍රවශීලතාවය අවශෝෂණය කිරීමක්. එබැවින් එම ද්‍රවශීලතාවය හා අතිරේක ද්‍රවශීලතාවය බැංකු අංශයට ලබාදීමට අපිට සිදුවුණ නිසා අප භාවිතා කරන මෙවලම වන්නේ ප්‍රාථමික වෙළඳ පොලෙන් හා ද්විතීක වෙළඳ පොලෙන් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිලදී ගැනීමයි. මේ හරහා උද්ධමනය ඉහල යනවා. අපිට පුළුවන්කම ලැබේවි 4%ත් 6%ත් අතර උද්ධමනය පවත්වා ගන්න එකෙන් සමස්ථ මුදල් සංසරණය ඉහල යන්නේ නැහැ මේකෙන් අපිට ලොකු අහිතකර තත්ත්වක් නැහැ."
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by