සංවර්ධන ව්‍යාපෘති කරන සමාගම්වල බිල් ගෙවීම පස් වසරකට කල්දාලා

මෙරට ඉදිවන අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරන සමාගම්වලට අදාළ ගෙවීම් වසර 5ක් ප්‍රමාද කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යංශය අදාළ සමාගම්වලට දැනුම් දී තිබේ.

මේ සතියෙදී රුපියල් බිලියන 11.75ක් සල්ලි අච්චු ගහලා!

මේ සතිය තුළ පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 11.75 ක මුදලක් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 224.12ක් බව පැවසේ.

ටෙලිකොම් දරුණු සයිබර් ප්‍රහාරයකට: පාරිභෝගික දත්ත අනතුරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
මුදල් ගෙවන තුරු පරිගණක පද්ධතියකට ප්‍රවේශ වීම අවහිර කිරීම සඳහා නිර්මාණය කර ඇති අනිෂ්ට මෘදුකාංග වර්ගයක් යොදාගනිමින් මේ ප්‍රහාරය එල්ලකර ඇති බව පැවසේ.

මා කීවේ මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..

තමන් පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාහැකි බව යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නමුත් යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.