Email

ටෙලිකොම් දරුණු සයිබර් ප්‍රහාරයකට: පාරිභෝගික දත්ත අනතුරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
මුදල් ගෙවන තුරු පරිගණක පද්ධතියකට ප්‍රවේශ වීම අවහිර කිරීම සඳහා නිර්මාණය කර ඇති අනිෂ්ට මෘදුකාංග වර්ගයක් යොදාගනිමින් මේ ප්‍රහාරය එල්ලකර ඇති බව පැවසේ.



මෙම සයිබර් ප්‍රහාරයෙන් පසුව ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩා පද්ධතිය (සර්වර්) කිහිපයක් ටෙලිකොම් ආයතනය විසින්ම ක්‍රියාවිරහිත කර ඇති බවද වාර්තා වේ.

ටෙලිකොම් අභ්‍යන්තර මෘදුකාංගවලට හානි සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා එය සිදුකර තිබේ.

නිවසේ සිට සේවය කරන ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට එහි පරිගණක ආරක්ෂණ පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමත් සමග හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් සෙනසුරාදා (23) සිට ටෙලිකොම් නිලධාරීන්ට පරිගණක මගින් ආයතන පරිගණක දත්ත පද්ධතියට ඇතුළු නොවන ලෙස දන්වා තිබිණි.

සයිබර් අධි අවදානමක් ගැන CERT කියයි

මේ අතර, අදාළ ප්‍රහාරය එල්ල වූ 23 වැනිදාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මගින් අධි අවධානම් මට්ටමේ සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු අඟවා තිබූ බවද පැවසේ.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන හැකර්වරුන් විසින් ලිපිගොනු සහ ෆෝල්ඩර කියවිය නොහැකි ලෙස ඒවා තම ග්‍රහණයට ගෙන යථාවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය පෙන්වා දී ඇත.

මෙම කප්පම් මෘදුකාංගයේ එකම අරමුණ අහඹු දිගුවකින් ලිපිගොනු සංකේතනය කර ගොනු නැවත ලබා ගැනීම සඳහා කප්පම් මුදලක් ඉල්ලා සිටීම බව CERT කියයි.

ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ අන්තර් ජාල දත්ත ඉක්මනින් කපාහැරීමක් සිදුවන බවට සයිබර් ප්‍රහාරයෙන් පසුව පාරිභෝගිකයන් දිගින් දිගටම පැමිණිලි කර තිබිණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අභ්‍යන්තර මෙහෙයුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පණිවිඩයක් ටෙලිකොම් වෙබ් අඩවයේ පළ කර තිබිණි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by